දේශීය

සිරුරක් ගමන් බෑගයක දමාගිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

පුද්ගලයෙක්ට පහරදී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමායාමේ සිද්ධියට  සම්බන්ධ එකම පවුලේ පියා, පුතුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව මහවැව ප්‍රදේශයේ පදිංචි සුසන්ත  රංජන්  රණසිංහ (36) නැමැති අවිවාහක තරුණයෙක්.

ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් පුතා ජාපානයේ රැකියාවකට යවන බවට පවසා මුදලක් ලබගෙන වංචා කළ බව කියන සිද්ධියක් මුල්කරගෙන ඉහත තරුණයාට  පහරදී ඝාතනය කර ඇතිබව පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ, ඝාතනය ලක්වු තරුණයාට පුද්ගලයන් විදේශ ගතකරන බවට පවසමින් මුදල් ලබාගෙන වංචා කිරීමේ චෝදනා  රැසක් ඇති බවත්,  මාදම්පේ, කටාන, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථාන වලට තරණයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

ඝාතනයට  ලක්වු තරුණයා හා සැකකරුවන්  හිතවත් පුද්ගලයන් බවත්,ඉකුත් 11 දින  සැකකරුවන්ට  පිටකොටුව ප්‍රදේශයේදී ඉහත තරුණයා හමුවී ඇති අතර, ඔවුන් සුක්ෂම ලෙස තරුණයා ඔවුන්ගේ මෝටර් රථයේ නංවාගෙන කටාන දාගොන්න  අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ  පොල්  ඉඩමක් වෙත රැගෙන ගොස් ඇති බවත්,පොලිසිය පවසනවා.

එහිදී පිරිස තරුණයාගෙන් මුදල් ඉල්ලා  ඔහුට අතින් පයින් හා පොලුවලින් පහරදී  ඇති බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button