ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්න බැහැ – ඩයනා

පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) දුන් නඩු තීන්දුව පිළිගැනීමට නොහැකි බවට රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
අමාත්‍යවරිය සඳහන් කළේ, මෙම නඩු තීන්දුව දේශපාලන කුමන්ත්‍රණයක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් වෛරී දේශපාලනයක් පෙනී යන බවයි.
අමාත්‍යවරිය මේ බව කියා සිටියේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් දැක්වූ අදහස්,
” විපක්ෂ නායකවරයා ඇතුළු කිහිප දෙනෙක් එකතුවෙලා නඩු දාලා මාව මෙතනින් අයින් කරන්න අවුරුදු හතරක් තිස්සේ පුදුමාකාර සටනක යෙදුණා.සමහරවිට මම කිව්වා වගේ මේකේ අවසානයකුත් තියෙන්න ඕනේ. ඉතින් වෛරී දේශපාලනය අදට විතරක් ජය ගත්තා. ඉතින් මට කාන්තාවන්ට කියන්න තියෙන්නේ එළැඹෙන එන ඡන්දෙට මේ වගේ මෝඩ කොටලුවෙක් වගේ ඉන්න විපක්ෂ නායකයෙක්ව ඕගොල්ලො හිතනවනම් මේ රටේ දේශපාලඥයෙක් කර යුතුයි කියලා විතරක් ඡන්දෙ දෙන්න. මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා.” මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්… මං නැවත පාර්ලිමේන්තුවට එයි