දේශීය

සීමානිර්ණ වාර්තාව භාරදෙයි

සීමා නිර්ණ කමිටු වාර්තාව අද (11) පෙරවරුවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී තිබෙනවා.

දැනට සිටින 8,000කට අධික පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් සංඛ්‍යාව අඩකින් අඩු කිරීම එම කමිටුවේ සැලැස්ම වී තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව නව සීමා නිර්ණය යටතේ 4,000 දක්වා පමණ අඩු වනු ඇති.

පසුගිය නොවැම්බර් මස පළමු වැනිදා සීමා නිර්ණ කමිටුව පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගත් අතරඑහි සභාපතිවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත් කෙරුණා

කෙසේවෙතත් අදාළ කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කළේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙය පත් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button