ගාසා තීරයට බෝම්බ දැමීම නවත්වන්න- ප්‍රංශ ජනපති

ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය වහා නතර කරන ලෙස ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවනවා.
එම පුවත් සේවය වාර්තා කළේ මැක්‍රොන් මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ, බීබීසී පුවත් සේවය සමඟ පැරිස් නුවර ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී බවයි.
ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමේ කිසිදු සාධාරණත්වයක් නැති බවත්, සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම ඊශ්‍රායලයට වාසිදායකවනු ඇති බවත් ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.
ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස පැහැදිලිවම හෙළා දකින බව ප්‍රකාශ කර ඇති මැක්‍රොන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, භූමිය රැක ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතිය පිළිගන්නා බවයි.
එසේවුවද අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල්වල නායකයන් සටන් විරාමයක් කැඳවන ලෙස කළ ඉල්ලීම ඊශ්‍රායලය පිළිගෙන ඇති බව ප්‍රංශ ජනාධිපතිවරයා විශ්වාසය පළ කර තිබෙනවා.