දේශීය

ජනපති අතට පත්වූ ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අති නවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආර්ථික සාධක සහ දිගු කාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට මඟ පෙන්වීම සඳහා බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවීමටද යෝජනා කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, අද (21) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භවූ 2023 ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) සහයෝගීතාවයෙන් “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගම සමඟ එක්ව මෙය සංවිධානය කර තිබුණා.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button