දේශීය

විදුලි බිල ගැන ගත් විශේෂ තීරණය

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචිවන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි.

එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහාද මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බව සඳහන් කරනවා.

ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන්  EBILL<හිස්තැනක්> විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමුකළ යුතුවන බව සඳහන්.

මේ වනවිට දෙහිවල කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලද මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලටද මේ වනවිට නිකුත් කරන්නේ ඊ බිල්පත් පමණයි.

ඒ අනුව මුද්‍රිත බිල්පත් මුළුමනින්ම නතරකිරීම මෙම ක්‍රමවේදයේ මූලික අරමුණවී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් වෙත සැපයීම අරමුණවී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button