දක්ෂිණ අධිවේගී සේවකයෝ නිවාඩු දීමනා ඉල්ලා වර්ජනයකට

මාර්ග සංවර්ධන අධිකාරිය වසර තිහක් පුරා සේවකයන්ට ලබා දුන් ඉතිරිවූ අසනීප නිවාඩු දීමනාව අත්හිටුවීම සහ තවත් ඉල්ලීම් ලබා දෙන ලෙස බල කරමින් දක්ෂිණ අධිවේගයේ මුදල් අයකිරීම ලබන 22 වනදා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා නවතා දමනු ලබන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා පවසනවා.
සභාපතිවරයා පවසන්නේ, 2022 වසරේ අසනීප නිවාඩු 21ක් තිබෙන අතර එම නිවාඩුවල ඉතිරි කරගත් දින සඳහා ගෙවීම් 2023 වසරේදී සිදුකළ යුතු බවත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ දීමනාව වසර 30ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබුවද මේ වසරේ සිට එම ගෙවීම් නතර කිරීමට එරෙහිව මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මීට පෙර සේවා අවස්ථාවේදී කළුපටි හිසේ පැළඳ නිහඬ විරෝධතාවක් සහ අමාත්‍යාංශය ඉදිරිපිට කෑම පැයේදී දැක්වූ විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 18 වනදා අමාත්‍යවරයා තම සාමාජිකයන්ට සාකච්ඡාවක් ලබා දුන් අතර එහිදී සති දෙකක් ඇතුළත සිය මූලික ඉල්ලීමවූ ලෙඩ නිවාඩු ගෙවීම් කිරීමට පොරොන්දුවූ බවත් ඔහු සඳහන් කළා.
මාස දෙකකට වැඩි කාලයක් ගතවූ පසුව එම දීමනාව ලබාදිය නොහැකි බව අමාත්‍යවරයා දැනුම් දීම සහ 2009 බඳවා ගැනීමේ පටිපාටියට අධිවේගී මාර්ග සේවකයන් ඇතුළත් නොකිරීම, උසස්වීම් සහ පඩි වැඩි කිරීම් නොකිරීම යන ඉල්ලීම් පදනම් කරගනිමින් මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සංගමය තීරණය කළ බවත් සභාපතිවරයා පවසනවා.
එහිදී සභාපතිවරයා පැවසුවේ, අධිවේගී මාර්ග සේවකයන්ට මෙන්ම මේ ගැටලුව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ටද බලපාන බවත් එදින මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා ඇති සියලුම ශාඛා සහ ප්‍රධාන කාර්යාලවල සේවකයන්ද අනිවාර්ය ලෙඩ නිවාඩු දමනු ලබන බවයි.