උපතින් දෑත් දෙපා නැතත් ශිෂ්‍යත්වයෙන් හපන්කම් පෙන්වූ සිතිල

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උපතින්ම අත් දෙක සහ පාද දෙක අහිමිවූ දරුවකු ලකුණු 160 ක් ලබාගෙන සමත්වී ඇති බව වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙන් වාර්තාවී තිබෙනවා.
මෙසේ විභාගය සමත්ව ඇත්තේ එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ M.M සිතිල තෙව්ජාන් දම්යුරු නැමැති සිසුවෙක්.
දරුවා අත් පා නොමැතිව අබාධිතව ඉපදුනු හේතුවෙන් දරුවාගේ පියා දරුවාගේ මව සමග අමනාපයක් ඇතිකරගෙන දරුවා කුඩා කාලයේදීම මව සහ දරුවා හැරගිය බවත් අනතුරුව දැඩි අපහසුතාවයන් මධ්‍යයේ දරුවා මෙවැනි තත්වයකට ගෙනඒමට කැපවූ බව දරුවාගේ මව පවසනවා.
විද්‍යාලයේ විදුහල්පති ගාමිණී කරුණානායක මහතා පවසන්නේ, මෙම දරුවා පළමු වසරේ සිටම සුමංගල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ අතර මුල් වසරවලදී මෙසේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා වෙන්වූ ඒකකයේ ඉගෙනුම බවත් පසුව වෙනත් සාමාන්‍ය දරුවන් හා එක්ව සාමාන්‍ය පංතිවල ඉගෙනුම ලැබූ බවයි.