දේශීය
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳසැල්වලට වැඩ වරදී

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීමක් ආරම්භ කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් එහි වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ කීරි සම්බා සහල් සහ කැකුළු සහල් තොගයක් සොයා ගෙන තිබෙනවා.
මෙම වැටලීම සිදු කිරීමේදී අනාවරණයවී ඇත්තේ වෙළඳසැල් හිමියන් විසින් පාරිභෝගිකයන්ට පවතින මිලට වඩා ඉහළ අගයකට සහල් අලෙවි කර ඇති බවයි.