දේශීය

සේපාල අමරසිංහ යළි රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව පෙබරවාරි මස 21 වනදා දක්වා යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.

මහනුවර ශ්‍රී දළදා මාළිගය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර පසුගිය ජනවාරි මස 05 වනදා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ සිදුකළ එම ප්‍රකාශය හේතුවෙන් බෞද්ධ සමාජය තුළ දැඩි කැළඹීමක් හටගෙන තිබෙන බවත් සමාජ මාධ්‍ය තුළ ද දෙපාර්ශ්වයක් අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම සැකකරුට විදේශ රටවලින් ද මුදල් ලැබී තිබෙන බවට තොරතුරු අනාවරණයවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button