දේශීය

සජිත් පිල පාර්ලිමේන්තු සභාවට නෑවිත් කැන්ටිමට ගිහින්

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් අද (06) දින පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු සභාව වර්ජනය කරනු ලැබුවා.

පාර්ලිමේන්තු සභාව වර්ජනය කළද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 34දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයෙන් උදෑසන ආහාරය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුව සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියා.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවක් නොමැති නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී භෝජනාගාරයෙන් සිත්සේ ආහාර ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවුනේ කෙසේදැයි ප්‍රශ්න කරන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ඒ හරහා විපක්ෂය කරන චෝදනාව ප්‍රතික්ෂේප වන බවයි.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ අද දින කිසිවෙකුත් නොමැති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා රටට වැරදි පණිවිඩයක් දීමට උත්සාහ දැරූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button