දේශීය
ඝාතනයට ලක්වූ ප්‍රියන්ත මහතාගේ පවුලේ ඥාතීන් බැලීමට සජිත් යයි

පකිස්ථානයේ සියල්කොට්හී කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී අමානුෂික ලෙස ඝාතනය කරන ලද ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) ගොස් තිබෙනවා.
එහිදී ප්‍රියන්ත මහතාගේ පවුලේ ඥාතීන් මුණ ගැසී විපක්ෂ නායකවරයා කතාබහක නිරතව වූ බව ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (06) පස්වරුවේ දිවයිනට රැගෙන ආවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්නෙන් ඔහුගේ දේහයෙන් වැඩි කොටසක් විනාශවී ඇති බවයි.



