විදෙස්

යුක්‍රේනය භීතියට පත් කරමින් රුසියාව බෙලරුස් ඒකාබද්ධ යුධ මෙහෙයුම් ආරම්භ වේ

“රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමක්” පිළිබඳ පවතින බිය මධ්‍යයේ රුසියාව සහ බෙලරුස් දින 10 ක ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

බෙලරුස් රාජ්‍යය රුසියාවේ සමීප මිතුරෙකු වන අතර යුක්‍රේනය සමඟ දිගු දේශ සීමාවක් ඔවුන් සතු වනවා.

යුක්‍රේනය පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට නතුව ඇති බවයි.

දේශ සීමාවේ 100,000 භට පිරිසක් රැඳී සිටියද යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ සැලසුම් පිළිබඳ චෝදනා රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහෙත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අනතුරු අඟවා ඇත්තේ ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button