විදෙස්

යුක්රේනයේ සියලු නගරවලට රුසියාවෙන් බෝම්බ ප්‍රහාර

රුසියාව විසින් සෙනසුරාදා දිනය පුරා යුක්රේනයේ නගරවලට බෝම්බ හෙළා ඇති අතර දකුණේ මරියුපෝල් වෙත පහර දෙමින් අගනුවර වන කියෙව්හි තදාසන්න ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රචණ්ඩත්වයෙන් පලායාමට උත්සාහ කරන මිනිසුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමටද රුසියාව කටයුතු කරමින් සිටින බවයි එම වාර්තාවල සඳහන් වෙන්නේ.

රුසියාව ආක්‍රමණය කිරීමෙන් පසු දරුණුතම ලෙස ප්‍රහාරයට ලක්වූ වරාය නගරය වන මරියුපෝල් හි වෙසෙන 430,000ක සිවිල් ජනතාවට ආහාර, ජලය හා ඖෂධ ගෙන ඒමට සහ ඉවත් කිරීමට ගත් උත්සාහයන් නොනවතින ප්‍රහාර මගින් වළක්වනු ලැබ තිබෙනවා.

නගරාධිපති කාර්යාලයට අනුව වටලෑම අතරතුර මරියුපෝල් හි 1,500කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මියගිය අය සමූහ මිනීවලවල්වල මිහිදන් කිරීමට දරන උත්සාහයට පවා බාධා එල්ල වී ඇති බව සඳහන් වෙනවා.

රුසියාව මෙසේ දරුණු සටන්වලට අවතීර්ණ වී සිටින්නේ නැවත වරක් සටන් විරාමයකට එළඹීම ඉලක්ක කරගත් සාකච්ඡා සෙනසුරාදා අසාර්ථක වූ පසුබිමකයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button