විදෙස්
රුසියාව ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් තහනම් කරයි

ෆේස්බුක් සහ ඉන්ස්ට්රග්රෑම් රුසියාව තුළ තහනම් කරමින් එරට අධිකරණක් නියෝගයක් නිකුත් කර තිබේ.
එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මෙටා සමාගමටම අයත් වට්ස්ඇප් තුළින් ප්රසිද්ධ ප්රකාශ සිදුකළ නොහැකි බැවින් එයට මෙම තහනම අදාළ නොවන බවට අධිකරණය පවසා තිබෙනවා.
මෙටා සමාගමෙන් මේ සම්බන්ධව කිසිඳු ප්රකාශයක් නිකුත් කර නැත.