දේශීය

ජනාධිපති සමාවට රන්ජන් අත්සන් කරයි

ජනාධිපති සමාව ලබා ගැනීමට අදාළ ලියකියවිලිවලට රන්ජන් රාමනායක මහත අද (13) සිය අත්සන් තැබූ බව නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා පවසනවා.

ඒ අනුව අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසුව ඔහුට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටව යා හැකියි.

කෙසේවෙතත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මීට පෙර සදහන් කළේ රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට නම් අධිකරණය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය පිළිබඳව කණගාටු වන බවට දිවුරුම් ප්‍රකාශයක් රන්ජන් රාමනායක මහතා ලබාදිය යුතු බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button