දේශීය

රාගම බිහිසුණු දුම්රිය අනතුරක්

රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ඊයේ (01) ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පවසන්නේ, අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායක ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙන අතර දුම්රිය එන්ජින් රියදුරුද සුළු තුවාල ලබා ඇති බවයි.

ඒ ආසන්නයේ තිබූ එළවළු වෙළෙඳසැලකට අනතුරින් බරපතළ හානි සිදුව ඇති අතර එම අවස්ථාවේ එහි හිමිකරු එය වසාදමා පිටව ගොස් තිබීමෙන් විශාල අනතුරක් වැළකී තිබෙනවා.

කොළොන්නාව සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරින් දුම්රිය එන්ජිමට හානි සිදුව ඇති අතර ලොරි රථයට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

ඒ අනු​ව රාගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button