විදෙස්
ඕස්ට්‍රේලියාවෙන් ඊශ්‍රායලයට ආයුධ අපනයනයට විරෝධතා

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන ප්‍රහාරවලට සහයෝගය පළ කරමින් ඔස්ට්‍රේලියාව අවිආයුධ තොගයක් යැවීම සඳහා නැව්ගත කිරීමේදී පලස්තීන හිතවාදී පිරිසක් විරෝධතාවක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී සිඩ්නි නුවර වරායෙන් ඊශ්‍රාලයට යැවීමට අවිආයුධ විශාල තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මේ විරෝධතාව එල්ලවී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
ඊශ්‍රායලයට ආයුධ සැපයීමට එරෙහිව මේවන විට එරට මහාධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇති අතර, ලොව වඩාත්ම රහසිගත සහ ගණන් කළ නොහැකි ආයුධ අපනයන පද්ධතියක් ඔස්ට්‍රේලියාවට ඇති බව එරට ග්‍රීන්ස් සෙනෙට් සභික ඩේවිඩ් ෂූබ්‍රිජ් පසුගියදා ප්‍රකාශ කර ඇති බව වාර්තාවනවා.