අගමැති නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවර නිකුත් කරයි

නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී නිකුත් කෙරුණා.
පළමුවෙන් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් සමරු මුද්දර සහ මුල්දින කවරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදීමට කටයුතු කළා.
අනතුරුව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් එම සමරු මුද්දර හා මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූවා.
මෙසේ නිකුත් කළ සමරු මුද්දර රුපියල් 45 සහ රුපියල් 15 වටිනාකම්වලින් යුක්තයි.
ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශයෙන් මුද්දර නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන් වූ කඳාන ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිමේෂ් චමත් පෙරේරා සිසුවාගේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ෂිනාලි රුවන්‍යා පීරිස් ශිෂ්‍යාවගේ ජයග්‍රාහී චිත්‍ර යොදාගනිමින් මෙවර නත්තල් දින සමරු මුද්දර නිර්මාණයවීම විශේෂත්වයක්.
ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිමේෂ් චමත් පෙරේරා සිසුවා චිත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමාගේ රුව නිරූපිත සිතුවමක් ද මෙහි දී එම සිසුවා විසින් අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වූවා.