දේශීය

තවත් ඖෂධ සීයකට මිල පාලනයක්

තවත් ඖෂධ 100කට මිල පාලනයක් වහාම ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා පැවසුවේ, දැනට අත්‍යවශ්‍ය ඖෂධ 100ක් මිල පාලනයට යටත් කර ඇති බවත් අලුතින් තවත් ඖෂධ 100ක මිල පාලනයක් හඳුන්වා දුන් විට ඖෂධ වර්ග 200ක මිල පාලනයක් සිදු වන බවයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

එහිදී එක් ඖෂධයක් වෙළෙඳ නාම 10කින්, 15කින් පමණ තිබෙන බවත් සාධාරණ මිලක් නියාමනය කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිලදී ගැනීමට හැකි බවත් ඇමැතිවරයා පවසනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඖෂධ, ආර්ථිකය සම්බන්ධ විශේෂඥවරුන් 11කින් සමන්විත කමිටුවකින් මෙම මිල පාලනය තීරණය කරන බවයි.

එමෙන්ම අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862ක් රට තුළ සංසරණය වන අතර ඉන් 675ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ආනයනය කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button