විදුලි කප්පාදු කාලය අඩු වෙයි

දෛනිකව සිදු කෙරෙන විදුලිය කප්පාදු කිරීමේ කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියාසිටියේ හෙට (05) විදුලි කප්පාදුව සිදුවන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බවයි.
ඒ අනුව මෙම දිනවල A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.
මේ අතර සති කිහිපයකට පසු පෙරේදා (02) දිනයේ ජල විදුලි උත්පාදනයේ ඉහළ යාමක් සිදුවී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.
පසුගිය කාල සීමාවේ ජල විදුලිය නිෂ්පාදනය කෙරුණේ 40%ක පමණ ප්‍රමාණයක්.
පෙරේදා දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් බලාගාරවලින් 57.17%ක ජල විදුලි ප්‍රමාණයක් නිපදවා තිබෙනවා.
මේ අතර මහජය උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිව යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදු කාලසීමාව අවම කිරීමට හැකියාව ඇති බවයි.