දේශීය
එළැඹෙන වසරේදී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇරඹීමට සැලසුම්

2024 වසරේදී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇතැයි, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියනක් පමණ වැය වෙතැයි විශ්වාස කරන බවයි.
ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
අධ්‍යාපනවේදී උපාධිය, විද්‍යාවේදී උපාධිය, ඒකාබද්ධ වාර්ෂික වර්ධන අනුපාතය සහ පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳව අධ්‍යයනය කිරීම එහි අන්තර්ගත කරුණු අතර වන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක අනුමැතිය ලබා ගැනීමෙන් පසුව 2024 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.