දේශීය

Breaking: රසායනික පොහොර ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.

මීට අදාළව 2021 අප්‍රේල් මාසයේ 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) දිනයේ සිට ඉවත් කිරීමට ඊයේ දිනයේ තීරණය කළ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා.

කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button