දේශීය

මන්ත්‍රී දොලවත්තගේ දේපලවලට හානි කළ පුද්ගලයින් අත්අඩංගුවට.

පසුගිය මැයි 09 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ කඩුවෙල නවගමුවේ පිහිටි නිවසට පහර දුන් සහ දේපලවලට හානි කළ බව කියන පුද්ගලයින් 06ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 19,20,24 හා 29 වයස් වල පසුවන වැලිවිට හා හෝමාගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව සඳහන්.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර,මෙම සැකකරුවන් අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button