පක්ෂ නායක රැස්වීම එළඹෙන 20 වනදා

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන අතර අලුත් අවුරුද්දෙන් අනතුරුව පැවැත්වෙන පලමු පක්ෂ නායක රැස්වීම මෙය වෙනවා.
ඒ අනුව මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වනදා පැවැත්වෙන අතර එදිනට ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව අදාළ පනත මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් 20වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
මෙම පනත පසුගිය 04 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පාර්ශව රැසකින් එල්ල වූ විරෝධය හමුවේ එය ඉදිරිපත් කිරීම කල් දමනු ලැබුවා.
පනතට එරෙහිව අධිකරණයට යෑමට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීම හේතුවෙන් පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන ලෙසද ඇතැම් පාර්ශව ඉල්ලා තිබුණා.