පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාරට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කිරීම පිළිබඳ යෝජනාව සභානායක විසින් අද (02) සභාගත කර තිබෙනවා.
මන්ත්‍රීවරුන් තිදෙනාට මෙම තහනම් පැනවුණේ, පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාවේ නිර්දේශ මතයි.
කෙසේවෙතත් එම නිර්දේශ සහ අද සභාගත කළ වාර්තාව අතර යම් යම් නොඑකඟතා ඇති බවට විපක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළා.
ඒ සමඟ අද පාර්ලිමේන්තුව තුළ මීට සුළු මොහොතකට පෙර (02) උණුසුම් තත්ත්වයක්ද ඇතිවී තිබෙනවා.
මේ අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරුන්ට මැතිසබය තහනම් කිරීමේ යෝජනාව සම්මතවුණා.
මීට සුළු මොහොතකට පෙර ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වී තිබෙනවා.
ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද ලැබුණේ එකක් පමණ වන අතර යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත වුණා.