දේශීය
මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.
අනුරාධපුර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී H. නන්දසේන මහතාගේ හදිසි මියයෑම හේතුකොට ගෙන 2024 අප්‍රේල් 04 වනදා සිට 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකරන බවද එම ලිපිය මගින් වැඩබලන මහලේකම්වරයා දන්වා සිටියා.