දේශීය
වී අලෙවි මණ්ඩලයට අලුත් සභාපතිවරයෙක්

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වු නීල් ද අල්විස් මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස පත් කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ නව සභාපතිවරයා එම තනතුරේ වැඩ බාර ගැනීම කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිල්ලේ පිහිටි වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී අද (1) සිදු කළ බවයි.
ප්‍රාදේශීය ලේකම්වරයෙකු, දිසාපතිවරයෙකු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති අල්විස් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදේශකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.