සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් නව පත්වීම්

සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන තිබෙනවා.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම් සිදු කර ඇති අතර, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇති බවයි වාර්තාවන්නේ.
නොවැම්බර් මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම් සිදු කර ඇති බව සඳහන්.
2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්තිවලට අනුව එකී පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පත් කිරීම් සිදු කර ඇති බව වාර්තාවනවා.
එමෙන්ම මෙම අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් හා නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් රාජකාරි පැවරීම සිදු කරනු ඇති බවයි වාර්තාවන්නේ.