දේශීය
නව ත්‍රස්ත විරෝධී පනත ඉල්ලා අස්කරගත යුතුයි – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුව විසින් ඉල්ලා අස්කර ගත යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන “හියුමන් රයිට්ස් වොච්” සංවිධානය පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සියලු අණපනත් සකස් කිරීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් වලට අදාල එකගතා නොසලකා කටයුතු නොකළ යුතු බවයි.
මෙම පනත් කෙටුම්පත මගින් ගැටලු විසඳීම වෙනුවට රැස්වීමේ, කතා කිරීමේ නිදහසට ඇති අයිතිය සීමා කරනු ඇති බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
යෝජිත ත්‍රස්ත විරෝධී නීතිය මගින් සාමකාමී විවේචකයින් නිහඬ කිරීමට සහ සුළු ජාතීන් ඉලක්ක කරගනිමින් ක්‍රියා මාර්ග ගැනීමට රජයට අවසර දෙනු ඇති බවයි එම සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි මහත්මිය පෙන්වාදෙන්නේ.