ව්‍යාජ ATM කාඩ් යොදා ගෙන මුදල් සොරකම් කරලා

ව්‍යාජ ATM කාඩ් යොදා ගෙන මුදල් සොරකම් කළ සැකකරුවෙකු ව්‍යාජ ATM කාඩ් 15ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මේ පිළිබඳව පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන සහ මහරගම පොලිස් ස්ථාන වෙත සිදු කළ පැමිණිලි 50ක් සම්බන්ධව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයින්ට මුදල් ලබා ගැනීමට සහය වන මුවාවෙන් රහස්‍ය අංකය ලබා ගෙන එම අවස්ථාවේදී යන්ත්‍රයෙන් මුදල් ඉවතට ගෙන සැකකරු සන්තකයේ ඇති ව්‍යාජ ATM කාඩ්පත අදාළ පුද්ගලයා ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඉන් අනතුරු අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත සැකකරු විසින් වංචනික ලෙස උපයෝගි කර ගෙන මුදල් සොරකම් සිදු කර ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු අද ( 11) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.