තිසර පටේ ප්‍රමාණයද දැමූ මංගල දැන්වීම නිසා පුද්ගලයෙක් සමාජ මාධ්‍යයෙහි දැඩි දෝෂදර්ශනයට

සම්ප්‍රදායික මංගල දැන්වීමකින් ඔබ්බට ගොස් වෙනස් ආකාරයේ මංගල දැන්වීමක් පළ කළ පුද්ගලයකු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර කෝපයට ලක් වූ පුවතක් වාර්තා වී තිබෙනවා.
අදාළ දැන්වීම පළ කළ පුද්ගලයා සම්ප්‍රදායික ආකාරයෙන් උස,සිහින්,පැහැපත් යුවතියක් වෙනුවට තම ජීවන සහකාරියගෙන් විශේෂිත අවශ්‍යතා කිහිපයක් බලාපොරොත්තු වීම මෙම කෝපයට හේතු වුණා.
එම අවශ්‍යතා ලයිස්තුවට ඇය පිරිසිදු වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් නිතිපතා ඇගේ අත් පා පිරිසිදු කිරීම්වලට යොමු විය යුතු බව ද සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඇගේ තිසර පටෙහි ප්‍රාමණය, ඉණෙහි ප්‍රමාණය මෙන්ම ඇගේ උස ද නිශ්චිතව සඳහන් කර තිබීම විශේශත්වයක්.
Betterhalf.ai නම් වෙබ් අඩවියෙහි මනාළියක සොයන පුද්ගලයකු විසින් මෙම දැන්වීම පළ කර තිබූ අතර එහි විශේෂත්වය නිසාම එය සමාජ මාධ්‍යයන්හි උමතු ලෙස පැතිර ගොස් තිබුණා.
ඇය ගතානුගතික විය යුතු නමුත් ලිබරල් විය යුතු බවත් විනෝදකාමී විය යුතු නමුත් යථාර්ථවාදී විය යුතු බවත් එහි සඳහන් වෙනවා.
එමෙන්ම නිදි යහනේ දී ඇඳුම් ඇඳ සිටීමට කැමති විය යුතු බව ද එහි සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඇය සුනඛයින් වෙත ආදරය කළ යුතු බවත් දරුවන් නොමැති විය යුතු බවත් එහි දැක්වෙනවා.
මෙම දැන්වීම Reddit හි පළ වීමෙන් පසු අන්ත්‍රජාලයේ විශාල කතා බහක් නිර්මාණය කිරීමට සමත් වුණා.