දේශීය

රියදුරු වර්ජනයෙන් දුම්රිය රැසක් අවලංගුයි

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත්  දුම්රිය රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී N.J ඉදිපොළගේ මහතා පවසනවා.

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය නියමිත පරිදි ධාවනය කළ බවත් කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බවත් ඒ මහතා සඳහන් කළා.

එම අවලංගු කර දුම්රිය අතරට කාර්යාල දුම්රිය රැසක්ද ඇතුලත් බවද ඉඳිපොළගේ මහතා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button