විදෙස්

ඉන්දීය ජාතිකයෙකු බිරිඳ වෙනුවෙන් තවත් ටජ්මහලක් හදයි

ආදරයේ සංකේතයක් ලෙස තම බිරිඳට ත්‍යාග කිරීම සඳහා මධ්‍ය ප්‍රදේශ් ජාතිකයකු, ටජ් මහලේ අනුරුවක් ලෙස නිවසක් ඉදිකර තිබෙනවා.

නිවස ඉදිකර ඇත්තේ පාසල් පරිශ්‍රයක් තුළ වන අතර අමුත්තන්ට එහි නතර වීමට ද අවස්ථාව හිමි බව සඳහන් වෙනවා.

උපදේශක ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන ආනන්ද් ප්‍රකාශ් චෞක්සි ANI ප්‍රවෘත්ති සේවය වෙත පවසා ඇත්තේ නිදන කාමර හතරකින් යුත් මෙම නිවස ආදරයේ ස්මාරකය සංකේත්වත් කරන බවයි.

එමෙන්ම එය මාගේ බිරිඳ වෙනුවෙන් ඉදිකළ බවයි.

නිවස තුළ සාමය සහ ධනාත්මක බව නිරූපනය කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති බවත් එහි භාවනා කිරීම සඳහා කුටියක් ද පවතින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

නිවස නිර්මාණය කිරීමට වසර දෙකහමාරක කාලයක් ගත වී ඇති අතර එය නිර්මාණය කිරීමේ දී අග්‍රා වෙත ගොස් තාක්ෂණික මිනුම් සහ ඡායාරූප ද ලබා ගෙන ඇති බව සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button