දේශීය
මහින්ද සමරසිංහ අමෙරිකාවේ තානාපති ධූරයට

හිටපු අමාත්‍යවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අද ප්‍රකාශ කළා.
ඔහු එසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
ඔහු පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ තානාපති ධූරය භාරගැනීමට ඔහු මෙම තීරණය ගත් බවයි.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මගෙන් ඉල්ලීමක් කරා, අමෙරිකාවේ තානාපතිවරයා විදියට වැඩ භාරගන්න කියලා. මම ඒ ඉල්ලීම භාරගත්තා. මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙකකින් තුනකින් පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙලා, 29 වනදා වෙනකොට අමෙරිකාව බලා පිටත් වෙන්න.”