දේශීය

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන්න ඉල්ලයි

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2000ක පාඩුවක් ලබන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රචාරණ කළමනාකරු පියල් කොලඹහෙට්ටිගේ මහතා පවසා තිබෙනවා.

වැඩි වෙන සෑම ඩොලරයකටම ගෑස් සිලින්ඩරයක පිරිවැය රුපියල් 12.50කින් වැඩිවන බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා.

ඩොලරය රුපියල් 300 සීමාව ඇතුළත ගෑස් සිලින්ඩරයක වියදම රුපියල් 4,462.25ක් පමණ වන බවද, පවතින මිල ගනන් යටතේ තවදුරටත් ගෑස් බෙදාහැරීම් සිදුකළහොත් මාස 3ක කාලයක්වත් ලිට්‍රෝ සමාගම පවත්වාගෙන යා නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button