දේශීය
ඉන්දීය තෙල් සමාගමට හොඳ කලක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීම සඳහා අවසරය හිමිව තිබෙනවා.
මේ සඳහා බලශක්ති අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
LIOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා මේ බව කොළඹ කොටස් වෙළඳපොල වෙත අද දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අමතරව මෙරට තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ හා අලෙවි කිරීමේ නිරත එකම සමාගම වන LIOC සමාගමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ව්‍යාප්ත වනු ඇත. ඛනිජ තෙල් ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් රජය සතු සියලු ඉන්ධන පිරවුම්හල් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ අවධානය යොමුව තිබූ අතර කෙසේ නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක කර නොමැත.
IOC Shed එකක් පටන්ගන්න අවසරයක් මටත් දෙන්න පුළුවන්ද…..? (මට ඒ සඳහා අවශ්‍ය අවස්ථාවk ලබා දෙන්න කාරුණික වන්න) මා Shed එකක් ඉල්ලන්නේ COLOMBO ~ KULIYAPITIYA මහා මාර්ගයේ පිහිටා තිබෙන, LOCATION:~ JOTHIPAALA ANTIQUE CAR’S, MAIN ROAD, PALLAWELA, UDUBADDAWA, 60250 (CITY OF KULIYAPITIYA ~ 60200) ස්ථානයට. WhatsApp Number:~ 0094 76199 7900