දේශීය

තියුණු අයුධයකින් ධිවර කාර්මිකයෙක් කපා කොටා ඝාතනය කරලා

හුංගම තලුන්න ප්‍රදේශයේ මාළු ලෑල්ලක් අසලදි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර ඇතිබව හුංගම පොලීසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහඳමෝදර පදිංචි 34 හැවිරිදි ධිවර කාර්මිකයෙක් බවයි.

ඝාතනය සිදුකළ සැකකරු  වාඩිගල නෙටොල්පිටියේ පදිංචි අයෙකු වන අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී තිබෙනවා.

, මිය ගිය පුද්ගලයා රුපියල් 30000 ක මුදලක් සැකකරුගෙන් ලබාගෙන ඇති අතර  එම මුදල ලබා නොදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර තිබෙන බව පොලීසිය  පවසනවා.

එය පැහැර හැරීම හා රැකියාවේ  පවා නොයෑම හේතුවෙන්  දෙදෙනා අතර ඇතිවූ බහින් බස් විමකින් මෙම ඝාතනය සිදු වන්නට ඇතයි මූලික පරීක්ෂන වලදී අනාවරනයවි ඇති බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button