දේශීය

කෙහෙළිය ය​ළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ​‍නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අධිකරණය නියෝග කළේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජුනි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබීන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button