දේශීය
ජපුර කළමනාකරණ පීඨය වසා දැමේ

සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ලවූ සිසු විරෝධය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරියෙක් පවසනවා.
එම නිලධරියා වැඩිදුරටත් සඳහන් කළේ, විනය හේතූන් මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පංති තහනම් කර ඇති බවත් එම තීරණයෙන් අනතුරුව උපකුලපතිවරයාගේ කාර්යාලය අසළට පැමිණ විශාල සිසුන් පිරිසක් කළ බලපෑමක් හේතුවෙන් කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.
එහිදී අදාල සිසුන් පිරිස උපකුලපතිවරයාගේ කාර්යාලය අසළ කළහකාරීව හැසිරී ඇති බවද වාර්තාවනවා.