රන්ජන්ට නිදහස හෙට හෝ සඳුදා ? -අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

අධිකරණයෙන් සමාව ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශය මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර තිබෙන බව වාර්තා වෙයි.
නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් එම දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර තිබෙනවා.
2017 වසරේ අගෝස්තු මස 21වනදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් අනතුරුව රන්ජන් රාමනායක මහතා විනිසුරුවරු සහ නීතිඥවරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබුණා.
තම ප්‍රකාශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට යම් අපහාසයක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් ද තමා සමාව අයැද සිටින බව එම දිවුරුම් ප්‍රකාශයෙ සදහන්.
මේ අතර බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමනායක මහතාට හෙට (26) හෝ සඳුදා (29) දිනයේදී සමාව හිමිවනු ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනවා.