හිස නිරාවරණය කළ කාන්තාවන් හඳුනාගැනීමට ඉරානය කැමරා සවි කරයි

ඉරාන බලධාරීන් විසින් හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීම සදහා ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවිකිරීම ආරම්භ කර තිබෙනවා.
එලෙස හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන්ට මුලින් කෙටි පණිවුඩයක් මගින් අනතුරු ඇගවීමක් සිදුකරන අතර පසුව නීති මගින් කටයුතු කිරීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ආගමික නීතියක් ලෙස කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම සහ ශරීර හැඩය සැගවෙන සේ දිගු ලිහිල් ඇදුම් ඇදීම අනිවාර්ය කර තිබුණා.
මෙම නීතිය උල්ලංඝනය කරන කාන්තාවන්ට ඉරාන සදාචාර පොලිසිය විසින් දඩ ගැසීම හෝ අත්අඩංගුවට ගැනීම ද සිදුකරනු ලබනවා.
කෙසේ වෙතත් මෙම කැමරා සවි කිරිමට ඉරාන රජය පෙළඹී ඇත්තේ ඉරාන කාන්තාවන් හිස් ආවරණ පැලදීමේ නීතිය ඉවත් කරන ලෙසට විරෝධය පාමින් රට පුරා උද්ඝෝෂණ පවත්වමින් සිටිය දීයි.
1979 සිට වරින්වර මෙම විරෝධතා පැවැත්වුණත් එය නැවත දැඩිවූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ හිස ආවරණය නොකළ වරදට පොලිස් අත්අඩංගුවේ සිටිය දී තරුණියක් මියයාමත් සමගයි.