දේශීය

පොලී අනුපාත අඩු කළ හැකියි

දේශීය ණය පිළිබඳ පැවති අහිතකර තත්වය ක්‍රමක් ක්‍රමයෙන් පහව යෑමත් සමඟ පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇතැයි මහ බැංකුව තවදුරටත් විශ්වාසය පළ කරනවා.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදියි.

මේ එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මූල්‍ය අරමුදලේ ණය භාවිත කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

“මේ වසරේ පළමු කාර්තුවේ දී පුද්ගල අත්තිකාරම් ආදායම් බදු හෙවත් උපයන විට බද්ද මඟින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 25,577ක් උපයාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ජනවාරි මාසයේදී පමණක් ආදායම් බදු ලෙස රුපියල් මිලියන 3106ක් උපයා ගෙන ඇති අතර පෙබරවාරියේ රුපියල් මිලියන 10,540ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එමෙන්ම මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,931ක් උපයාගෙන ඇති බවද එහි සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button