චීන ආයෝජන පහත වැටීම නිසා අප්‍රිකානු යටිතල පහසුකම් ව්‍යාපෘති නතරවෙයි

මහා පරිමාණ විදේශ ආයෝජන සඳහා චීනයේ අපේක්ෂා හීන වීමත් සමග, අප්‍රිකානු රටවල් ගණනාවක යටිතල පහසුකම් ව්‍යාපෘති ඇණහිට තිබෙනවා.
තායිපේ ටයිම්ස් විසින් වාර්තා කරන ලද පරිදි, චීනයේ එක් මාවතක් – එක් තීරයක් වැඩපිළිවෙල යටතේ ප්‍රධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම්වලින් වැඩි ප්‍රමාණයක් සඳහා චීන ආයතනවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ණය ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් මෑතක සිට එම ණය ලබා දීම අත්හිටුවනු ලැබුවා.
තායිවාන මාධ්‍ය වාර්තා කළේ කොවිඩ්-19 වසංගතයත් සමග චීනයේ ඇතිවූ ආර්ථික මන්දගාමිත්වය මීට හේතුව බවයි.
“COVID-19 ලෝක ආර්ථිකයට බලපෑවේ කෙසේද” යන්න නිර්වචනය කරමින් “Shutdown” ග්‍රන්ථය රචනා කළ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥ Adam Tooze පෙන්වා දෙන්නේ නිසැකවම චීනය පැත්තෙන් නැවත සමතුලිත වීමක් ඇති බවයි.
එමෙන්ම චීන ජංගම ගිණුමේ අතිරික්තය තරමක් අඩුවෙමින් පවතින බවද ඔහු පෙන්වා දෙනවා.
තම රට තුළ යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා බීජිං මත විශ්වාසය තබා සිටි අප්‍රිකානු රටවලට මෙය විශාල බලපෑමක් බව තායිපේ ටයිම්ස් වාර්තා කළා.