විදෙස්

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ලොව විශාලතම මැතිවරණයක් වන අදියර 07කින් යුත් ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද (01) ආරම්භ වුණා.

පසුගිය 19 වනදා ආරම්භ​වී මාස දෙකකට වැඩි කාලයක් පුරාව​ට පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර, එදිනම ප්‍රතිඵල ද නිකුත් කිරීමට නියමිතයි.

අවසන් අදියරේ දී ආසන 57 ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙන අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ආසනය ද ඒ අතරට අයත්.

වරණාසි යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආසනය වන අතර, 2014 වසරේ සිට අඛණ්ඩව වරණාසි ආසනයේ බලය තහවුරු කරගෙන සිටින්නේ අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button