විදෙස්

කාලිස්තාන් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීමට ඉන්දීය රජය සම්බන්ධයි – කැනඩා අගමැති

සික් බෙදුම්වාදී නායකයෙක් වූ හර්දීප් සිං කැනඩා භූමියේ දී වෙඩිතබා ඝාතනය කිරීම පිටුපස ඉන්දීය රජය සිටින බව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

කැනඩා අගමැතිවරයා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, විදෙස් රජයක් විසින් කැනඩා පුරවැසියෙකු කැනඩා භූමිය තුලදීම ඝාතනය කිරීම කැනඩාවේ ස්වෛරීත්වයට බරපතල හානියක් බවයි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කර ඇත්තේ, ජූනි මාසයේදී කාලිස්තාන් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීම සහ ඉන්දීය රජයේ ඒජන්තයින් අතර “විභව සම්බන්ධයක් ඇති බවට විශ්වාස කළ හැකි චෝදනා” පවතින බවයි.

 එය ඉන්දීය පාර්ශවය විසින් “විකාර සහගත සහ අභිප්‍රේරිත” ලෙස ප්‍රතික්ෂේප කරන ලද ප්‍රකාශයක් බවද ඔහු සඳහන් කර තිබෙනවා.

කැනඩාව තුල සිටිමින් ඉන්දියාවේ කාලිස්තාන බෙදුම්වාදී ව්‍යාපාර මෙහෙයවීමට කැනඩාව ආධාර උපකාර කළ බව ඉන්දියානුවන් පෙරළා චෝදනා කර සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් මෙම ඝාතන චෝදනාව ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button