දේශීය

වසරේ මුල් මස තුන​ට ලාංකිකයින් 75,000ක් විදෙස් ගතවෙලා

මේ වසරේ ගතවූ මුල් මාස 3 තුළ ශ්‍රී ලාංකිකයින් 75,000කට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස් ගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය සඳහන් කළේ, ​ඒ කාලය තුළ පුද්ගලයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදෙස් ගතව ඇති බවයි.

ඉන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් වනවා.

ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු රැකියා සඳහා කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර එම සංඛ්‍යාව 17,793ක්.

පෙර වර්ෂවලට සාපේක්ෂව මේ වසරේ මුල් මාස තුන තුළ දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවක්ද පෙන්නුම් කර තිබෙනවා.

රැකියා සඳහා දකුණු කොරියාව වෙත ලාංකිකයින් 2,374 දෙනෙකුද, ඊශ්‍රායලය වෙත 2,114 දෙනෙකුද රුමේනියාව වෙත 1,899 දෙනෙකු හා ජපානය වෙත 1,947 දෙනෙකුද පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

මේ අතර රැකියා සඳහා විදෙස් ගතවූ ශ්‍රී ලාංකිකයින් මේ වසරේ මුල් මාස 2 තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 963.8ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවද එම කාර්යාංශය වැඩිදුරට​ත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button