ක්‍රීඩා
ජපානයේදී ලක් මාතාව රනින් බබලවයි

WFF ආසියානු සහ පැසිපික් කලාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපණ තරගාවලිය සැප්තැම්බර් 17 වනදා ජපානයේදී නිමාවට පත්වුණා.
එහිදී බර පන්ති දෙකකින් රන් පදක්කම් ලබාගන්නට ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් වන රුවන් රණසිංහ සහ සුමිත් චන්දන සිල්වාට හැකිවී තිබුණා.
රුවන් රණසිංහ අවුරුදු 50න් ඉහළ තරගයෙන් ජයගත් අතර සුමිත් චන්දන සිල්වා ජයගත්තේ කිලෝග්‍රෑම් 70 – 75 බර පංතියෙන් තරග වදිමින්.
මේ අතර, අකිල ශාමික Sports model අංශයෙන් සිව්වන ස්ථානයත්, Jean model අංශයෙන් තරංග සංජීව පස්වන ස්ථානයත් හිමි කර ගැනිමට සමත් වුණා.