විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මාස 18කදී මෙරටට රු. කෝටි 240,000ක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් තමන් සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා විදේශගත ශ්‍රමිකයින් විසින් රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (13) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,
“බොහෝ දෙනා දිවයිනට ප්‍රේෂණ එවන්න එපා කියද්දි, අපි ගැන පූර්ණ විශ්වාසය තියලා විදේශ ගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 7කට අධික මුදලක් දිවයිනට එවලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 2.4ක් නැත්තම් රුපියල් කෝටි 240,000ක්. මම මේ අමාත්‍යාංශය භාරගෙන මාස 18යි. ඒ කාලයට මට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න විශාල දායකත්වයක් ලබාදෙන්න පුළුවන් වුණා. ඒකට විදේශගත ශ්‍රමිකයින් ලබාදුන්න සහයෝගය අති විශාලයි. මේ රටේ තෙල් ටික ගේන්න, බෙහෙත් ටික ගේන්න, ගෑස් පෝලිම් නතර කරන්න ඒ සල්ලි යොදාගත්තා. මේ රට වැටිලා තිබුණ අගාධයෙන් රට ගොඩගන්න පුළුවන් වුණේ විදේශගත ශ්‍රමිකයින් ලබාදුන්න දායකත්වය නිසා. ඒකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් හා රැකියා නියෝජිතායතනවල සාමාජිකයින් විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ හැමදෙනාටම ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.”
මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් R.P.A විමලවීර, කාර්යාංශ සභාපතිA.A.M හිල්මි යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව තිබෙනවා.