දේශීය

නීතිය නිසි ලෙස ඉටුනොවුනොත් ලංකාවෙන් පිටවෙනවා

කටාන – හල්පේ – කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක හිමිකරුවෙකු වන ඕමාන ජාතිකයාට පහර දීම සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ඉටුනොවන්නේ නම් අදාළ ආයෝජකයින් සිය මෙහෙයුම් අත්හිටුවා, ශ්‍රී ලංකාවෙන් පිටවයාමට තීරණය කර ඇති බව මෙරට ඕමාන තානාපති අහමඩ් අලි ශහිඩ් අල් රාශ්ඩි මහතා විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.

පහරදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සමීපතමයින් පිරිසකට චෝදනා වන අතර පහරකෑමට ලක් වූ අදාළ කර්මාන්තශාලාවේ හිමිකරු සමඟ මෙරට ඕමාන තානාපතිවරයා, විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (03) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේ අදාළ පහරදීම සම්බන්ධයෙන් කණගාටුව පළකර තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කඩිනමින් මුදා හැරීමට බඩල්ගම පොලිසිය කටයුතු කර ඇති බවයි මෙහිදී කර්මාන්තශාලාවේ කළමණාකාරීත්වය ප්‍රකාශ කර ඇත්තේ.එහිදී විදේශ අමාත්‍යවරයා දුරකතනය ඔස්සේ පොලිස්පතිවරයා ද සම්බන්ධ කර විමර්ශන සම්බන්ධයෙන් විමසා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් විදේශ අමාත්‍යවරයා හරහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ද මෙරට ඕමාන තනාපතිවරයා කටයුතු කර ඇති බව සඳහන්.

පසුගිය 29 වනදා අදාළ කර්මාන්තශාලාවේ තාප්පයෙන් පැන පුද්ගලයින් 5 දෙනෙකු එහි හිමිකරු සහ ආරක්ෂක නිලධාරියාට පහරදී තිබූණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button